ජනවාරි 10, 2010

දවස පට ගත්තේ මහා කම්මැලි විදියට. කරන්න කියල දේකුත් නෑ. ඔහේ කියව කියව හිටියා. ෆිල්ම් එකක් බලන්න කියල හිතුවත් හරියන එකක් හම්බ උනේ නෑ බලන්න. මහා මූසල දවසක්. පත්තරේ ගත්තත් කියවන්න ඒකෙත් බලන්න දෙයක් නෑ. බ්ලොග් වලත් බලන්න කියල දෙයක් නෑ. හපොයි මෙහෙම දවස්.

ජනවාරි 9, 2010

අප්පේ අද මාර සතුටු දවසක්. උදේ පාන්දරම පුබුදු කෝල් කරල කිව්ව මගේ බ්ලොග් පෝස්ට් එකක් පත්තරේ දාල කියල. ටක් ගාල ගිහින් බැලුවා පත්තරේ. ඇත්තනෙ කතාව. බ්ලොග් 6 ක් දාල. මගේ එකත් එයින් එකක්. ඒක පටන් ගන්නෙ චතුරගෙ නම මතක් කරල. මාව මරයිද දන්නෙත් නෑ සඳුදට. වටේ පිටේ ඉන්න ඔක්කොටම පත්තරේ පෙන්නල දුර ඉන්න අයට කෝල් කරලත් කිව්ව විස්තරේ. අප්පේ මම දැන් ඉතින් ජාතික තලයේ බ්ලොග් කරුවෙක්නෙ. අපිට සලකනව මදි අනේ අනිත් අය.

ජනවාරි 8, 2010

නැගිටිනකොට උදේ 9ත් පහුවෙලා. නැගිට්ට ගමන් මතක් උනේ ඊයෙ වෙච්ච ප්‍රශ්නය. බාත් රූම් එකට ගිහින් කන්ණාඩියෙන් මූණ බැලුවම පෙනුනේ මගේම මුස්පේන්තු මූණ. මේක උදේට දැක්කම හරියයිද කාටවත්. ඇවිත් සුපුරුදු විදියට වාඩි උනා කොම්පීතරේ ලඟ ඊයෙ පටන් ගත්තු බ්ලොග් පෝස්ට් එකක් ඉවර කරන්න. කට්ටිය බලන් ඉන්නවනෙ මගේ මහණ වෙච්චි දවසෙ ඉතුරු විස්තර ටික දැන ගන්න.

Powered by Blogger